4/26/2010

හග්ගල අසිරිය නොකෙලසන් මිනිසුනේ....!





හග්ගල මල්වත්ත මෙරට ප්‍රධාන තැනක් ගන්නේ එහි දේශගුනික ලක්ෂන නිසාය. එහි සෞමයය දේශගුණයක් ඇත. මුහුදු මට්ටමෙ සිට උස අඩි 5400 පමණ සහ උෂ්ණත්වය 16°C පමණ වේ.
එහි ශාක විශේෂ 10000 වැඩි ප්‍රමාණයක් ඇත.වසන්ත සමයෙ දහස් ගනන් අමුත්තන් නුවර එළියට පැමිණෙන්නෙ එහි පිපුනු මල් දැක බලාගැනිමටය. වාර්ෂිකව පැමිණෙන්නන්ගෙ ප්‍රමාණය 500,000 ට වඩා වැඩි මිස අඩු නොවේ.මල්වත්ත ප්‍රසිද්ධියක් උසුලන්නෙ ඔකිඩ්ස් සහ රෝස මල්වලටය.

එනමුත් මෙම සුන්දර අසිරිය අතර අසුන්දර දේ ඔබ නෙත නොගැටෙනු ඇත.ඇතැම් විට එයට අවධානයක් නොමැති වීම නිසා නොදැනුවත්වම දිනෙන් දින උත්සන්න වන ප්‍රශ්ණයක් වී ඇත.

ඔබ රෑගෙන එන සියළුම ආහාරපාන බහලුම් මල්වත්තෙ තැන තැන දැමීම ඔබෙන් සිදුවන විශාල අතපසුවීමකි. එයීන් සිදුවන හානිය ඔබ නොදන්නවා වැනිය.



වඳුරන් එම ආහාර මළුවල ඇති දෑ ආහාරයට ගැනිම නිසා ඔවුන්ගෙ ආමාශ තුල පොලිතින් තැන්පත්වීමේ ප්‍රවනතාවයක් පවති.එලෙස පොලිතින් තැන තැන දෑමිමෙන් එම ස්ථානයෙ සුන්දරත්වය නැතිවි යයි. මෙය දිගුකාලිනව ප්‍රශ්ණයක් වී ඇත. අපද්‍රවය බහලන බඳුන් ඇතත් තැන තැන දැමීම නොමන ක්‍රියාවකි. වතු නඩත්තුකරන්නන් ඇතැම් විට වඳුරන් එලවීම සඳහා ඔවුන් දෙසට ගල් විසිකරති.ඇතැම් විට එය එම සතුන්ට මෙන්ම නරඹන්නන්ටද හානියක් විය හැක.


මෙම සිදුවීම මෙම ස්ථානයේ පමණක් නොව රටෙ ප්‍රදන සන්චාරක ස්ථානයකම සිදුවේ.මෙය වලක්වා ගැනීම අපගෙ යුතුකමකි.ඒ සඳහා සැමගේම දායකත්වය ලාබාදිය යුතුය.

රටෙ මෙවැනි සන්චාරක ස්ථානයන්ට ඇතුලත් වන තැන්වලට පොලිතින් රැගෙන යැමෙන් වැලකීම සන්චාරකයන්ගෙ යුතුකමකි. එවැනි ස්ථානවලට පොලිතින් රැගෙනයාම වැලැක්වීමට වැඩ පිළිවෙලක් සැකසීම නිසි බලධාරින්ගෙ වගකීමකි. හෝටන් තැන්න මෙයට හොඳම නිදසුනකී.සන්චාරකයන්ගෙ පාරාදිසයක්, කේන්ද්‍රස්ථානයක් කිරිමට බලාපොරොත්තුවන සැමගේම වගකීමකි.







No comments:

Post a Comment